FAST NEWS

24×7 Around the Globe

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක්………රනිල් වික්‍රමසිංහ

 

ලබන වසරේ ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ඊයේ (16) පස්වරුවේ මෙරට විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන්කර ඇත.
      “අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.
අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.” යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සදහන්කර ඇත.