FAST NEWS

24×7 Around the Globe

රනිල්ට යළි අගමැතිකම නොදෙන බව ජනපති කියයි..

කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේය.
ඊයේ (16) රාත්‍රි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හෙතෙම මෙ බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බවට එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායමට සහතික වූ බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.