FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා ජාතික රෝහලට..

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරිම සඳහා විශේෂ ආරක්ෂාවක් මැද ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනගාර ආරංචි මාර්ග පවසයි.
නාලක ද සිල්වා මහතාට ඇතැයි කියන හෘද රෝගි තත්වයක් සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් මත මෙසේ එ මහතා රෝහල වෙත රැගෙන ආ බවද පැවසේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කූමන්ත්‍රන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.