FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශ ඇතුළු 06 කට එරෙහිව නඩු….

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය විසින් අද (16) නඩු පවරනු ලැබීය.
ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත හා මං මාවත් පනත උල්ලංඝණය කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
නඩු පවරනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ නායකයින් වූ විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල් යන අයටයි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ චුදිතයින්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පවරනු ලැබීය.
චෝදනා කියවා දීමෙන් පසු තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළ අතර පෙබරවාරි 11 වැනිදා කල් දමනු ලැබීය.