FAST NEWS

24×7 Around the Globe

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක්….

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (16) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ (15) පාර්ලිමේන්තුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේදී යළිත් පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව මෙහිදී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳවත් , විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.