FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමීෂන් සභාව සමග අද (16) දිනයේ සාකච්ඡාවක් සිදු කරන බව බස් සංගම් දෙකක් පවසයි.
ඒ අනුව ලංකා පෞද්ගලික බස් හිමීයන්ගේ සංගමය හා සමස්ත ලංකා බස් සමාගම් සම්මෙලනය මෙම සාකච්ඡාවට එක්වනු ඇත.
ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ඩීසල් මීල රුපියල් 05 කින් අඩු කිරිමත් සමග බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව සිටියි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවද එම සංගම් පවසයි.