FAST NEWS

24×7 Around the Globe

‘‘ගජ’’සුළි කුණාටුව ඉන්දියාවට ඇතුල් වෙයි…

දිවයිනේ නිරිත දිග බෙංගාල බොක්කේ පැවති ‘‘ගජ’’සුළි කුණාටුව තමිල්නාඩු සහ පුදුචේරි වෙරළ තීරයෙන් අද (16) අලුයම ඉන්දියාවට ඇතුළු වී ඇත.
නමුත් උතුර සහ නැගෙනහිර මෙන්ම, පුත්තලම අවට මුහුදේ ධීවර සහ නාවික කටයුතු තවමත් අවදානම් තත්ත්වයේ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඉදිරි පැය 06 තුළ එය දුර්වල වෙමින් බටහිර දෙසට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑමෙන් උතුර, උතුරු මැද පළාත් වලටත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
උතුරු වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.