FAST NEWS

24×7 Around the Globe

‘ගජ’ නිසා උතුරේ පාසල් වලට නිවාඩු..

‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට අද (16) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.
නිරිත දිග බෙංගාලබොක්කේ පවතින “ගජ චණ්ඩ” සුළි කුණාටුව මේවනවිට තමිල්නාඩු සහ පුඩුචෙරි වෙරළ තීරයට ගමන් කර තිබේ.
සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවත්, මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන වෙරලාසන්න පහත් බිම් ප්‍රදේශවල මුහුදු රළගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.