FAST NEWS

24×7 Around the Globe

හෙට සිට මෝදර මාර්ගයක රථවාහන ගමනාගමනය සීමා කරයි…

හෙට (16) පස්වරු 10 සිට නොවැම්බර් මස 19 වන සඳුදා දින පෙරවරු 5.00 දක්වා කාල සීමාව තුළ මෝදර අළුත් මාවත, මාදම්පිටිය පාර හන්දිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.
ඒ අනුව කොළඹින් පිටවන රථවාහන මාදම්පිටිය මාර්ගයෙන් මෝදර වීදිය හරහා අලුත් මාවතට පිවිසිය හැකි අතර, කොළඹට ඇතුළු වන රථවාහන පඤ්ඤානන්ද මාර්ගය ඔස්සේ මාදම්පිටිය මාර්ගයට පිවිස අලුත් මාවතට ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.