FAST NEWS

24×7 Around the Globe

කථානායකගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව අවට STF ආරක්ෂාව යොදවයි…

අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව හටගත් දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවන ලෙසට ඉල්ලීමක් සිදුකර ඇත.
කථානායකවරයාගේ ඉල්ලීමට අනුව STF ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.
කථානායකවරයා ඇතිවූ නොසන්සුන්තාවය හමුවේ සභා ගර්භයෙන් පිටව ගියත් තවමත් මැති ඇමතිවරුන් රැසක් එහි රැදී සිටියි.