FAST NEWS

24×7 Around the Globe

විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා මූල්‍ය වංචා සිදුවන බවට පැමිණිලි…

විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව මුළාකරමින් මහා පරිමාණ වශයෙන් මූල්‍ය වංචාවන් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
විශ්වාසදායක ආයතන ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකා මහබැංකු ලාංඡනය, මහබැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙහි රූප සහ මහබැංකුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විදේශ මුදලින් විශාල ත්‍යාග මුදලක් හිමිවී ඇති බවත් යම් යම් පුද්ගලයන්ට දැනුම්දෙමින් ඒවා ලබාදීම සඳහා යම්කිසි මුදලක් තැන්පත් කරන ලෙසද මෙම වංචාකරුවන් ඔවුන්ට දන්වා එම වැඩපිළිවෙළ කරගෙවන යමින් සිටින බවද මහබැංකුව පවසයි.
මෙවැනි වංචාවන්ට හසු නොවන ලෙසත් එවැනි මුදල් ත්‍යාග පිළිබඳව පණිවුඩයක් ලැබුණහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙසත් ඔවුන් මහජනතාවෙගන් ඉල්ලා සිටී.