FAST NEWS

24×7 Around the Globe

දේශපාලන උණුසුම මැද රුපිලේ අගය අදත් පහළට…

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) දිනයේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 177.62 ක් වූ අතර ගැනුම් මිල 173.72 ක් ලෙසින් සටහන්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 09 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 12.7 % කින් අවප්‍රමාණය වී තිබේ.
ලංකාව තුළ මේවන විට උද්ගත වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ සදහන් කරයි.