FAST NEWS

24×7 Around the Globe

නිල ඇදුම් වෙනුවෙන් වව්චර් දිමේ ක්‍රමය අහෝසි කෙරෙයි..

පාසල් සිසුන්ට නිල ඇඳුම් වෙනුවෙන් වව්චර් ලබාදීමේ ක්‍රමවේදය අහෝසි කර යළි නිල ඇඳුම් ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.
මහින්ද – මෛත්‍රී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊයේ (13) ගත්  කැබිනට් තීරණ දැනුම් දීම සඳහා වන මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙයි.
ඒ සඳහා කැබිනට් ප්‍රකාශකවරුන් වශයෙන් මහින්ද සමරසිංහ මහතා හා දයාසිරි ජයසේකර මහතා එක්ව සිටියි.