FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පියවර ගන්නා ලෙස කථානායකගෙන් ජනපතිට ලිපියක් යැවෙයි..

ජනාධිපතිවරයා විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට කථානායකවරයා විසින් පියවර ගනු ඇති බව කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට අද (15) දිනයේ ඉදිරිපත් කළ බවත් ඒ අනුව විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ බවද, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලද බවද එම නිවේනදයෙන් අවධාරණය කර තිබේ.