FAST NEWS

24×7 Around the Globe

මහින්ද – මෛත්‍රී අතර තීරණාත්මක සාකච්ඡාවක්..

පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (14) දිනයේදී සහභාගි වනවාද නැද්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
එම රැස්වීම් පෙ.ව. 8.00ට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට නියමිත බවත් පැවසේ.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්වීමට නියමිතය.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසේ.