FAST NEWS

24×7 Around the Globe

ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට සංවිධායක ධුර…

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට සංවිධායක ධුර ලබාදීමට කටයුතු කර ඇත.
අශෝක ප්‍රියන්ත මහතාට ඉදිරියේදී නිර්මාණය වන නව සන්ධානයේ නාත්තණ්ඩිය සංවිධායක ධුරය ලබාදී ඇති අතර ආනන්ද අලුත්ගමගේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටිනුවර සංවිධායක ධුරය ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.