FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ රැස්විම කල් දමයි..

ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු අතර අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල් දැම්මට කටයුතු කළ බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ජනාධිපතිවරයා අද (13) පස්වරුවේ කැබිනට් රැස්විමට සහභාගිවීම හේතුවෙන් එම රැස්වීම කල් දැමු බවද හෙතෙම පැවසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙසේ රැස්විමක් කැඳවා තිබු බවත්, එ අනුව ඉදිරි දිනකදී එම රැස්වීම පැවැත්වෙනු ඇති බවද මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.