FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මැතිවරණය කිසිවෙකුට නැවැත්විය නොහැකියි..

පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා ටු‌ඩේ පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
එසේම ශ්‍රි ලංකාවේ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර තේරුම් ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
“ ජාත්‍යන්තර ප්‍රජාව මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැකිය යුතුයි. අපි ජනතාව හමුවට යනවා. ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. අපි ජාත්‍යන්තරයත් හමුවෙනවා. ඔවුන් අපේ ස්ථාවරත්වය තේරුම් ගත යුතුයි. අපි දැනටමත් ඒ දේ කර තිබෙනවා. ජනපති ඔවුන්ට කතා කර තිබෙනවා. මමත් ඔවුන්ව හමුවෙනවා. මම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඔහු මගේ දැක්ම තේරුම් ගත්තා. මොකක්ද 19 ව්‍යවස්ථා සංශෝධනය? ඔබ අනෙකුත් වගන්තිත් සම්පූර්ණයෙන්ම කියැවිය යුතුයි. ව්‍යවස්ථාවේ ජනපතිවරයාට මැතිවරණ කැඳවන්න අවස්ථාව තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නෙමෙයි. ”