FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සරණාගත පිරිසක් අත්අඩංගුවට…

ඊශ්‍රායලයේ සරණාගතභාවය සොයාගිය ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක් තිස්සේ එරට බන්ධනාගාර ගත කර ඇති අතර මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.
මෙම පිරිස ටෙල් – අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට ඇතුළු වී ඇත.
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඊශ්‍රායලයේ යහලොම් ප්‍රදේශයේ රැදවුම් කඳවුරකට රැගෙන ගොස් ඇති අතර ඔවුන් අධිකරණ විභාගයකින් තොරව රදවා තබා ගැනීමට අවසර ලැබෙන බව ජෙරුසෙලම් පෝස්ට් පුවත්පත සඳහන් කර ඇත.
මෙම ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිස ඊශ්‍රායල බලධාරීන් වෙත තමන් සිය රට තුළ දී තර්ජනවලට ලක්වන බව සදහන් කර ඇති බව පළවූ වාර්තාවල සදහන් වේ.