FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට කැදවීමක්…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද (13) පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
මහ මැතිවරණය සඳහා තරගවදින ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වන බව ද වාර්තා වෙයි.