FAST NEWS

24×7 Around the Globe

‘ගජ’ සුළි කුණාටුවෙන් ලංකාවට බරපතල හානියක් නැහැ…

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ සක්‍රිය වී ඇති ‘ගජ’ සුළි කුණාටුව 15 වනදා වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සහ ඊසාන දෙසින් ඇතුළු වන බව කාළගුණය සදහන් කරයි.
නමුත් මේ හේතුවෙන් බරපතල හානියක් සිදුනොවන බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ,
“ගජ නමින් හදුන්වන මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට එතරම් හානි කර මට්ටමක් මේ වනවිට නොමැති බවත් එය ඉන්දියාවේ තමේල්නාඩු හා ආසන්න ප්‍රදේශ වලට දරුණු තත්වයක් ඇති වනු ඇතැයි ද ඔහු පවසයි. 15 දින වනවිට ශ්‍රී ලංකාවට ගජ නමින් හදුන්වා දි ඇති සුළි කුණාටුව ඇතුල් වන අතර එය යාපනය , ත්‍රිකුණාමලය , සහ කන්කසන්තුරේ ප්‍රදේශ වලට සුලු බලපෑමක් ගෙන දෙනු ඇත. වර්ෂා තත්වයද ඉහල යා හැකි බව” කරුණානායක මහතා පවසයි.