FAST NEWS

24×7 Around the Globe

ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනාගේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි…

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව විනිසුරු මඩුල්ල අද (12) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මීට පෙර මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් 04 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කළ නොහැකි බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළහ.
අද දිනයේ ඒ සම්බන්ධයෙන් නියෝගය ලබාදීමට නියමිතව තිබූ අතර ඒ අනුව ඔවුන්ගේ මූලික විරෝධතාව අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම නඩුව මේ මස 14 වනදා යළි කැදවීමට නියමිතය.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකරනු ලැබුවේය.