FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් අද (12) සිට විභාගයට…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද (12) සිට විභාගයට ගැනීමට අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත්කර ඇත.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් බවත්ය.
ඒ අනුව මහ මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.