FAST NEWS

24×7 Around the Globe

ලබන15 වනදා එජාපයෙන් දැවැන්ත විරෝධතාවයක්….

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් ලබන 15 වනදා කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සදහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන්කර සිටියේ කොළඹ ගංගාරම විහාරස්ථානය අසල පැවැති අඳුරට එරෙහිව පහණක් දල්වමු විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින්.
එහිදී  පිරිස ඉටිපන්දම් දල්වමින් පැයකට අධික කාලයක් නිහඬව විරෝධතාවයේ නිරත වූහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවී කරුනානායක, ඩී. එම් ස්වාමිනාදන්, ජෝන් අමරතුංග, රුවන් විජයවර්ධන, ලකී ජයවර්ධන, නලින් බන්ඩාර, මුජබර් රහුමාන්, චමින්ද විජේසිරි, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂ ද සිල්වා සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද  කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

lankadeepa.lk