FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැති අද (12) තීරණාත්මක සාකච්ඡාවකට සූදානම්…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත බව වාර්තාවේ.
ඉදිරි මැතිවරණයට තරගවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර තරග වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.