FAST NEWS

24×7 Around the Globe

“ගජා”සුළි කුණාටුව හේතුවෙන් ධීවර කටයුතු වලින් වළකින්නැයි උපදෙස්….

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජා” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කිලෝ මීටර 900 පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අද (12) සහ හෙට (13) ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය 24 තුළදී මේ තත්ත්වය තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුළදී බස්නාහිර දෙසට ගමන් කර ඉන් අනතුරුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 – 50දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් පවසයි.