FAST NEWS

24×7 Around the Globe

තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන බව මහින්ද කියයි.

තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන  බවත් මැතිවරණයට තහනම් නියෝගයක් ලැබෙන තෙක් වැඩකරන බවත් මැතිවරණ කොමීෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
“තහනම් නියෝගයක් ලැබෙන තෙක් අපි වැඩ කරගෙන යනවා. තහනම් නියෝගයක් ලැබුණොත් නවත්වනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිටයි.
හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. 1999 වසරේ මැයි මස 01 දාට ප්‍රථමම ඉපදුණ අයට මෙවර ඡන්දය භාවිත කරන්න පුළුවන්. තරුණයින්ට ඡන්ද අයිතිය නැතිවීම ගැන කනගාටුවෙනවා.
හැමෝම සතුටකරන්න නම් අයිස්ක්‍රීම් විකුණනන්න ඕන. දැන්නම් සීනි නැති අයිස්ක්‍රීම් විකුණන්න ඕන.”