FAST NEWS

24×7 Around the Globe

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් අත්අඩංගුවට..

ජාලියගොඩ – කැස්බෑව මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් පොලිසිය විසින් ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
පිළියන්දල නගරය මගහැර යාමට විකල්ප මාර්ගයක් ලෙස එම මාර්ගය භාවිතා කරයි.
ඊයේ (10) රාත්‍රී 11.00 සිට අද(11) අළුයම 03.00 දක්වා කාලය තුළ පිළියන්දල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් එම මාර්ගයේ සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ යතුරුපැදි 14 ක්ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
අවුරුදු 19 – 30 ත් අතර වයස්වල පසුවන මෙම තරුණයින් මොරටුමුල්ල, කැස්බෑව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.