FAST NEWS

24×7 Around the Globe

අන්දමන් සහ බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතු වලින් වළකින්නැයි උපදෙස්…

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් අන්දමන් සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව එම කටයුතුවල යෙදෙන ජනතාවට උපදෙස් ලබාදෙයි.
අද (11) දිනයේ සිට ලබන 13 වනදා දක්වා මෙම තත්ත්වය පැවැතෙන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.