FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය ජනවාරි 05 , නාම යෝජනා කැඳවිම 19 සිට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ දෙක – ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එම නිවේදනයෙහි සඳහන් කර තිබේ.
ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වන දා කැඳවීමට ජනාධිපතිවරයා නියම කර තිබේ.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 05 වන දින සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා නියම කර තිබේ.