FAST NEWS

24×7 Around the Globe

උතුරු – නැගෙනහිර පවතින වැසි තත්වයේ අඩු විමක්..

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් ,ඒ හේතුවෙන් දැනට උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් නොවැම්බර් මස 11 දින සිට බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි ඇති වන බවද ,බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍ය සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.