FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අනුමැතිය..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සඳහා පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඊයේ (08දා) ‘අපේ ගම’ පරිශ්‍රයේදී රැස් වු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමස්ත ලංකා කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට අමතරව දේශපාලන මණ්ඩලයක් ඇති කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
මේ සඳහා පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව තිබෙන බැවින් පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඊයේ (08) සමස්ත ලංකා කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
මීට අමතරව ධීවර වෘත්තීය සමිතියක් ඇති කිරීමට අනුමැතිය හිමිව තිබෙන අතර, පක්‍ෂ ප්‍රතිසංවිධාන යටතේ සිදු කර තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.