FAST NEWS

24×7 Around the Globe

ජනපති හා මහින්ද අතර විශේෂ සාකච්ඡාවක්..

පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඉදිරියේදී ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කෙරෙනු ඇතද ලේකම්වරයා සඳහන් කළේය.