එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අද දින අත්සන් තැබු සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහාවන ගිවිසුම කරුණු 10කින් සමන්විතය.
ආර්ථිකය දියුණුකිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව කොමිෂන්සභා නොපමාව ස්ථාපනය කිරීම, දුෂණය තුරන්කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය ඉහළ නැංවීම, විදේශ සබඳතා, කාන්තා හා ළමා අයිතීන්, කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම, ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් අමාත්‍යමණ්ඩලය මහින් නිරීක්ෂණය කිරීම සහ මෙම කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කීරීම ගිවිසුමට ඇතුළත්ය.
මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන අතර, මෙම කාලය තුළ පක්ෂ දෙකෙහි ජනතා නියෝජිතයන්ට පක්ෂමාරුකිරීමට ඉඩ ලබා නොදීමටද ගිවිසුම මගින් එකඟවී තිබේ.




————————————————(update)
සම්මුතිවාදී ආණ්ඩුවකට එජාපය ශ්‍රීලනිපය අත්සන් තබති.
එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.







