FAST NEWS

24×7 Around the Globe

සි.වී ගේ පෙත්සම ඉවතට..

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම අද (08) ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුහ.
එවක උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ධීවර හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළව මහඇමතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මෙම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණි.