FAST NEWS

24×7 Around the Globe

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම තවදුරටත්..

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතිනවැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කෙරෙන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද අද (08) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසිද, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවද එහි සඳහන්.