FAST NEWS

24×7 Around the Globe

නව ජනමාධ්‍ය ලේකම් අද (08) වැඩ අරඹයි…

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් ආචාර්ය චරිත හේරත් මහතා අද (08) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගනු ලැබුවේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් , මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චරිත හේරත් මහතාව මෙම ධුරයට පත්කරනු ලැබීය.
ආචාර්ය චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.