FAST NEWS

24×7 Around the Globe

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක්, ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි බව එම සංගමය කියයි.