FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම වැටුප් ලබන්නන් 06 ලක්ෂය ඉක්මවයි…

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති නවතම සංඛ්‍යා ලේඛන දත්ත වලට අනුව මෙරට විශ්‍රාම වැටුප් ලබන ජනගහනය 06 ලක්ෂයේ සීමාව ඉක්මවා ඇත.
පසුගිය 2017 වසර අවසානයේ එම ප්‍රමාණය 600,867 ක්වූ අතර 2018 ජනවාරි සිට ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614, 288ක් දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තු වාර්තාවල සදහන්ව ඇත.
මේ අතර 2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති විශ්‍රාම වැටුප්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 181 කි.
සමස්ත විශ්‍රාම වැටුප් ලබන ජනතාවගෙන් 21.9 % ක් රුපියල් 30,000 ට වැඩි වැටුපක් ලබන බවත්, 41.1 % ක් 20,000 ත් රුපියල් 30,000 ත් අතර වැටුපක් ලබන බව සහ තවත් 37.1 % ක් ලබන වැටුප රුපියල් 20,000 ට වඩා අඩු බවත් අදාළ සංඛ්‍යාලේඛන දත්ත වාර්තා පෙන්වා දෙයි.