FAST NEWS

24×7 Around the Globe

ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරුපැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතුයි…පොලිසිය

විද්‍යුත් හෝ සූර්ය බලය ඇතුළු ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරු පැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලීසිය පොලීසිය පවසයි.
එවැනි යතුරුපැදි හෝ රථ ධාවනයට රිය බලපත්‍රයක් අවශ්‍ය බවත් ඔවුන් සදහන් කරයි.
එම ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ 2009 වසරට පෙර යම් යම් යතුරුපැදි ලියාපදිංචි නොකළ යුතු බවට නීතියක් පැවැතියද, එම වසරේදී මෝටර් රථ ආඥාපනත සංශෝධනයක් සිදුකර තිබෙන බවයි.
මෙම නීතියට අනුව සියලුම යතුරුපැදි සහ කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, යතුරුපැදි ධාවනයට රිය බලපත්‍රය අවශ්‍ය බවත් ඔහු පවසා සිටියේය.
2009 වසරේදී හඳුන්වා දුන් නීතියට අනුව සියලුම යතුරුපැදි හා කුඩා වාහන ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.