FAST NEWS

24×7 Around the Globe

“14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු නීත්‍යානුකූලව, සම්ප්‍රදායාණුකූලව සහ ව්‍යවස්ථානුකූලව සිදු වෙනවා”

“14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු නීත්‍යානුකූලව, සම්ප්‍රදායාණුකූලව සහ ව්‍යවස්ථානුකූලව සිදු වෙනවා. කිසිම අරාජික තත්ත්වයක් නෑ.අමාත්‍යවරු පත් කිරීමට 14 දින දක්වා කාලයක් තිබෙනවා.” යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (07) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය‌ හමුවේදී ප්‍රකාශ කළේය.
“රජයේ සේවකයින් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට නිවැරැදි කිරීමක් කළයුතුයි. රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නෑ.” යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.
එසේම රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මෙහිදි අදහස් පල කළේය.
“කථානායකතුමට කියනවා දේශපාලන කෝණවලින් බලන්නේ නැතිව ව්‍යවස්ථාවට හා නීති රීතිවලට ගරු කරලා පාර්ලිමේන්තුව ආරම්භ කරන්න කියලා. කතානායකවරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කරනවා. එය වැරදියි. එය වලංගුවන්නේ නෑ. ඒ වගේම රංජිත් මද්ඩදුමබණ්කඩාර මහතා අමාත්‍යවරයකු ලෙස ලිපියක් නිකුත් කිරීම වැරදියි. මෙවැනි කඩාකල්පල් ක්‍රියා කරන්න එපා. රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ලිපියක් යැවීමෙන් වැරදි පණිවුඩයක් යනවා. මෙවැනි දෙයින් රාජ්‍ය සේවකයින් පොළොඹවාලන්න බෑ. මේ ලිපිය ප්‍රතික්ෂේප කරනවා. අතිගරු ජනාධිපතිතුමා බත්තරමුල්ල ජන හමුවේ දී කළ ප්‍රකාශය කිසි සේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකශයක් නොවේ. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි සති කීපයදී මුදල් යැවීමට ඇති තැන්වලට මුදල් යැවීමට කටයුතු කරනවා.දේශපාලන බලපෑම්වලින් තොරව මුදල් ලබාගැනීමට අවස්ථාව සළසා දිය යුතුයි.”