FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් යළි රිමාන්ඩ්..

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීහු 11 දෙනකු ඇප ලබා සිටිති.