FAST NEWS

24×7 Around the Globe

දුම්රියක් පීළි පැනිමෙන් පුත්තලම් දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..

දුම්රියක් පීළි පැනිම හේතුවෙන් පුත්තලම් දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වු දුම්රියක් රාගම දුම්රිය ස්ථානය පසු කරනවාත් සමග මෙසේ පීළි පැනිමකට ලක්ව තිබේ.
කඩිනමීන් දුම්රිය පීළිගත කිරිමේ කටයුතු සිදු කෙරෙන බවද දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පවසයි.