FAST NEWS

24×7 Around the Globe

ලබන 09 වැනිදා නගර 04 කදී ජවිපෙන් විරෝධතා..

“කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන බලය” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ ලබන 09 වැනිදා ප්‍රධාන නගර හතරකදී උද්ඝෝෂණ විරෝධතා පෙළපාළි සහ සම්මන්ත්‍රණ පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත පැවැසීය.
මාතර, රත්නපුර, මහනුවර සහ අනුරාධපුර නගරවලදී අදාළ ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවැසීය.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නගරයේදිත්, පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදීත්, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදීත් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේදීත් සිකුරාදා (09) වෙනිදා පස්වරු 3.00ට මෙම විරෝධතා රැලි, පෙළපාළි සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා ඇත.