FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායකයන් හා කථානායක අතර විශේෂ හමුවක්..

පක්ෂ නායකයන් සහ කථානායක කරු ජයසූරිය අතර විශේෂ හමුවක් අද (07) පස්වරු 03 පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද පස්වරු 3.00ට මෙම හමුව පැවැත්වෙන බව කථානායක කාර්යාලය විසින් සියලු පක්ෂ නායකයන්ට ඊයේ (06) පස්වරුව වනවිට දැනුම් දී තිබු බව පැවසේ.
එහිදී ලබන 14 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අදාළ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.