FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාවෙන් මඩකළපුව දුම්රිය මාර්ගය යටවෙයි…

මේ දින කීපය පුරාවටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගය පුනානි ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් මඩකලපුව පොලොන්නරුව දුම්රිය ධාවනය ඊයේ (06) පස්වරුවේ සිට සම්පූර්ණයෙන් නැවතී ඇත.
ඊයේ කොළඹ සිට දහවල් මඩකළපුව බලා ධාවනය වූ දුම්රිය වාර 02 ක් මෙසේ අවලංගු වී ඇති බව පොලොන්නරුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේය.
දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට පත්වන තුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මඩකළපුව බලා ධාවනය වන සියලුම දුම්රියන් අද (07) රාත්‍රී සිට පොළොන්නරුවට පමණක් සීමා වනු ඇත.