FAST NEWS

24×7 Around the Globe

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරියගෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාපොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරියගේ අවධානයට යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ නීතියත්, ව්‍යවස්ථාවත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ අතරත් ජනතාව අතරත් පුළුල් සාකච්ඡාවක් සඳහා උනන්දු කරන බවත් ,එසේම ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහායක් අවශ්‍ය නම් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් සමග එක්ව සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.