FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරගය අතරතුර විරෝධතා බෑ – අධිකරණයෙන් වාරණයක්..

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි අද (06) ආරම්භ වු ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන අද (06) සිට ලබන 10 වැනි දින කාලය ඇතුළත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා සිදු කිරිම වළක්වාලමින් ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේ
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු ලබා නොදිමට විරෝධය දක්වා පිරිසක් ක්‍රිඩාංගණය තුල විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවක් පැවැත්විමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණයවි ඇති බව ගාල්ල පොලිසිය අධිකරණය වෙත කරුණූ වාර්තා කර ඇත.
ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සේවය කොට දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මාතර කොට්ඨාශයට මාරු කරන දෙදෙනකු මෙම කටයුතු සංවිධානය කරන බවට තොරුතුරු ලැබි ඇති බවත් කියා සිටි පොලිසිය එම නිසා එය වැළැක්විමට වාරණ නියෝගයක් නිකුත් කරන අධිකරණයෙන් ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙසේ වාරණ නියෝගය නිකුත් කළේය.