FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කොමීසමක් ඉල්ලයි..

ගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙම අක්‍රමිකතාවන් හා දූෂිත ගනුදෙනු පිළිබඳ තම සංගමයට මේ වනවිට තොරතුරු ලැබෙමින් තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ වසරේ මැයි 28 වැනිදා සිදු වූ ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩරයෙන් පමණක් රුපියල් ලක්ෂ හත්සීයක මුදලක් රජයට අහිමි වී තිබෙන බවත් එම මුදල් කාගේ ගිණුම්වලට බැරවී ඇතිද යන්න පිළිබඳ සොයා ගත යුතු බවද ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.