FAST NEWS

24×7 Around the Globe

අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදත් වැසි….

දිවයින ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් අද (06) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුර, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ උතුරු අර්ධය හරහා පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා තද සුලං අපේක්ෂා කල හැකි බවත් එම නිවේදනයේ සදහන්.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙසටත් මුහුදු යාමෙන් වළකින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.